Sunday, June 5, 2022

කළුතර🖤


නිසොල්මන් සංසාර සිතිජය
ඈත නිහඬව නෙතු රැඳී
මෑත ජීවිත රැල්ල වෙරළත
බිඳෙයි මහ හඬ දිදී...

සතුට දුක් ගඟ ගලන් ජීවිත
මුහුද හමු වී මුහු වෙවී
සමනොලත් මඟ බලනවා ඇති
ඈත කඳු අස්සෙන් එබී...

සුවඳ මල් පිදූ බෝධියේ  හඬ
ගාන්ඨාරය නද දිදී
බෝ සමිඳු පත් වැනෙයි තාලෙට
නිවන් මහ මඟ සිසිල දී...

නිමක් නැති මේ යනෙන ගමනේ
වෙහෙස දැනෙනා මොහොතෙ දී
හිත ඇවිත් නැවතුනෙ ම නුඹ ළඟ
පාලමේ  මඟ තැනක දී...

No comments:

Post a Comment

ප්‍රේමයක් 🖤