දරු සෙනේ උතුරන්න
හිත පිරුනේ නුඹ ගාව
දකින තුරු ඔය මුහුණ
මඟ බැලුවා හැමදාම
ඒ පුංචි කුස ගාව
අත ගගා පිරිමැද්ද
සති මාස ගනන් ඇති
නුඹ එක්ක ඉඟිකෙරුව
නුඹ දාව නොඉපඳුන
ගැබ් නොගත් කුස තාම
තෙත් කළේ නැති ළැමදෙ
ආදරේ පිරෙන්නෙම
විළි දුකක් නොම දැනුන
මව් සෙනේ පූදින්න
පෙර භවේ අපි අපිව
පතන්නැති හමුවෙන්න

No comments:
Post a Comment