Tharu Kamburawala
Sunday, June 5, 2022
වැස්ස❤
මල් හීන බොඳ කරන
අවාරේ ඉඩෝරෙක
ඉරි තැලුනු මහ පොළොව
යටට වී සැතපෙන්න
තුරු වලට බර වැඩී
පිපුණෙ නැති මල් හීන
වසන්තෙට අත වනන
වැහි කෝඩයක් යනෙන
ඉඟි කරත් ඉඳ හිටක
දිය බිඳක්වත් වැටුනෙ
නැහැ පාළු තුරු හිසට
නිසල වුණ හිස් අහස
සසල කර වළා ගඟ
සිනාසෙන්නට යළිත්
ඇවිත් යනව ද..?
වැස්ස
අවාරේ ඉඩෝරෙක
ඉරි තැලුනු මහ පොළොව
යටට වී සැතපෙන්න
තුරු වලට බර වැඩී
පිපුණෙ නැති මල් හීන
වසන්තෙට අත වනන
වැහි කෝඩයක් යනෙන
ඉඟි කරත් ඉඳ හිටක
දිය බිඳක්වත් වැටුනෙ
නැහැ පාළු තුරු හිසට
නිසල වුණ හිස් අහස
සසල කර වළා ගඟ
සිනාසෙන්නට යළිත්
ඇවිත් යනව ද..?
වැස්ස
..?
නොකියාම ඇවිදින්
නොකියාම යනවා ද
අහේතුක හැඟීමක
හේතුවක් හොයනව ද
රිදුනු හිත පිරිමැද්ද
ආදරේ දැනෙනව ද
මඟ හැරුනු තැනක අපි
අපි අපිව හොයනව ද
කළුතර🖤
නිසොල්මන් සංසාර සිතිජය
ඈත නිහඬව නෙතු රැඳී
මෑත ජීවිත රැල්ල වෙරළත
බිඳෙයි මහ හඬ දිදී...
සතුට දුක් ගඟ ගලන් ජීවිත
මුහුද හමු වී මුහු වෙවී
සමනොලත් මඟ බලනවා ඇති
ඈත කඳු අස්සෙන් එබී...
සුවඳ මල් පිදූ බෝධියේ හඬ
ගාන්ඨාරය නද දිදී
බෝ සමිඳු පත් වැනෙයි තාලෙට
නිවන් මහ මඟ සිසිල දී...
නිමක් නැති මේ යනෙන ගමනේ
වෙහෙස දැනෙනා මොහොතෙ දී
හිත ඇවිත් නැවතුනෙ ම නුඹ ළඟ
පාලමේ මඟ තැනක දී...
මනී❤
දරු සෙනේ උතුරන්න
හිත පිරුනේ නුඹ ගාව
දකින තුරු ඔය මුහුණ
මඟ බැලුවා හැමදාම
ඒ පුංචි කුස ගාව
අත ගගා පිරිමැද්ද
සති මාස ගනන් ඇති
නුඹ එක්ක ඉඟිකෙරුව
නුඹ දාව නොඉපඳුන
ගැබ් නොගත් කුස තාම
තෙත් කළේ නැති ළැමදෙ
ආදරේ පිරෙන්නෙම
විළි දුකක් නොම දැනුන
මව් සෙනේ පූදින්න
පෙර භවේ අපි අපිව
පතන්නැති හමුවෙන්න
Subscribe to:
Posts (Atom)





.jpeg)

